දිව්‍යමය බාධා

ඉක්මණින් අවදි වූ සාරා දවස තුළ කළ යුතු දේවල ලැයිස්තුවක් සෑදුවාය. නමුත් අගහිගකමින් පොරබදන තරුණ යුවළක් ඇයට බාධා කළහ. ගෑස් ලබා ගැනීමට කාඩ් පතක් සභාවේ සිට ගෙන්වා ගැනීමට ඔවුන්ට බොහෝ සෙයින් අවශ්‍ය විය. සාරා කාර්ය බහුල වූවත් දෙවියන් වහන්සේ එය ගෙන ගොස් දෙන ලෙසට කියන බවට ඇය දැන සිටියාය. සති කිහිපයකට ඔවුන්ට නැවතී සිටීමට සභාව ඔවුන්ට දී තිබූ හෝටලයට යාමට…

සභාව වීම

හිරු රශ්මිය තිබූ දිවා කාලයක මම අල්ලපු ගෙදර සුඩාන් ජාතික අය සමඟ අපගේ අඩි පාරේ චිත්‍ර ඇන්දෙමු. ඔවුන්ගේ නිවසට යාබද නිවසෙන් ගායනා ඇසිණ. එහි කුඩා කණ්ඩායමක් නමස්කාර රැස්වීම් පැවැත්වූහ. මම කතා කරමින් සිටි තරුණ මවට එහි සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට කුතුහලයක් ඇති විය. එම නිසා ඇයත් මමත් ඒ අසළට ගොස් සවන් දුන්නෙමු. ඔවුන් සමඟ එකතු වන ලෙසට එහි සිටි අය…

දෙවියන් වහන්සේ අපගේ යාච්ඤා අසන සේක

මාගේ මිතුරිය වන ක්‍රිස්ටීන් සහ ඇයගේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ නැන්දා සහ මාමාගේ නිවසේදී රාත්‍රී කෑම සඳහා වාඩිවූහ. ඇයගේ නැන්දාට භයානක පිළිකාවක් ඇති බවට මෑතකදී අනාවරණය වී තිබුණි. කිසිවෙක් ආහාර ගැනීම ආරම්භ කිරීමට පෙර ඇයගේ මාමා “කාට හෝ යමක් කියන්න තිබේද?” කියා ඇසුවේය. ක්‍රිස්ටීන් සිනහසුණාය. මක්නිසාදයත් ඔහු අදහස් කළේ කුමක්ද කියා ඇය තේරුම් ගත් නිසාය. එනම් “කාට හෝ යාච්ඤා කරන්න අවශ්‍යද?”…

දෙවියන් වහන්සේගේ ක්‍රමය ප්‍රේමයයි

මා හට අමතර කාලයක් තිබූ හෙයින් එන්නාවූ මාස වලදී මට හැකි පමණින් සෙනඟට සේවය කිරීම මාගේ සැළසුම විය. නමුත් අලුත් මිතුරෙක්ට සේවය කරන විට මම ලිස්සා වැටී මගේ අත තුන් පොළකින් කැඩුණි. හදිසියේම උපකාර අවශ්‍ය වූ තැනැත්තා වූයේ මමය. ඇදහිලිවතුන් තෑගි, කාඩ්පත්, මල්, දූරකථන ඇමතුම්, විද්‍යුත් පණිවුඩ, යාච්ඤා සහ ආහාර (චොකලට් පෙට්ටියක් පවා) ගෙන ආහ. එසේම මා වෙනුවෙන් ගමන් ගියහ.…

දෙවියන් වහන්සේ පොරොන්දු තබනු ඇත

එක්සත් ජනපදය පුරා සිටින ධනවත් දානපතීන්, සිසුන් ජ්වලිත වන පොරොන්දුවක් ලබා දුන්හ. ඒ සිසුන් වසර දහතුනක් පුරා හොඳ ලකුණු ලබා ගත හොත් ඔවුන්ගේ ප්‍රාන්තයේ ප්‍රසිද්ධ විද්‍යාලයකට හෝ විශ්ව විද්‍යාලයකට වසර හතරක් ගාස්තු ගෙවන බවටයි. මෙය සිසුන් දිරිමත් කළ බවට සමහර නගරවල සංඛ්‍යා ලේඛණ පෙන්නුම් කළ අතර ධනවත් සහ දුගී සිසුන් මෙම පුවත ඇසූ කෙණෙහිම හොඳින් වැඩ කටයුතු කිරීමට ආරම්භ කර…

ක්‍රිස්තුස් වහන්සේ සමඟ තරඟය දිවීම

සත් වියැති ටොම් රාක්කයක් මත තිබෙන දිවීමේ තරඟ වලින් තම පියාට ලැබී තිබුණු දිලිසෙන කුසලානයන් අගය කරමින් බලා සිටියේය. “මගේ කාමරයේත් ඉන් එකක් තබා ගන්න ඕනේ” යයි ඔහු සිතුවේය. එම නිසා “තාත්තේ, ඔබගේ එක කුසලානයක් මට ලබා ගන්න පුළුවන්ද?” කියා ඔහු ඇසුවේය. පියා පුදුම පිළිතුරක් දුන්නේය : “නැහැ ටොම්. මේවා මගේය. මම ඒවා උපයා ගත්තෙමි. ඔබත් ඔබටම ඒවා උපයා ගන්න”.…

සූදානම්ව සිටින්න

බෙටී සුදානම්ය. ඇය යෞවනියක ලෙස ජේසුස් වහන්සේව අනුගමනය කිරීම ආරම්භ කළ අතර උන් වහන්සේට සේවය කිරීමටද උන් වහන්සේව ප්‍රසන්න කිරීමටද ඇය ජීවිතයේ සෑම අවස්ථාවක්ම යොදා ගත්තාය. ඇය බයිබල් අධ්‍යයනයට, නමස්කාර මෙහෙයන්ට, සහ යාච්ඤා රැස්වීම් වලට සහභාගී වූවාය. ඇය ඉගැන්වීමටද, දූත මෙහෙයන් වලට සහභාගී වීමටද, මොන්ටිසෝරි වල වැඩ කිරීමටද, සභාපාලක ස්වාමිපුරුෂයා සමග එක්ව සේවය කිරීමටද සුදානම්ව සිටි අතර ඇයට ලැබෙන සෑම…

ඇදහිල්ලේ පියවර

අපි සිව් දෙනෙකු නිව් යෝර්ක්හී රමණීය වොට්කින්ස් ග්ලෙන් ජෝර්ජ් තැනිතලාව හරහා ඇවිදීමට ගියෙමු. අපි එකට සිට දිය ඇලි සහ අඩි දෙදහක් පමණ ප්‍රපාත බෑවුම් දෙස විශ්මිතව බලා සිටියෙමු. තවත් විටෙක අපි තෙත්වූ පර්වත සහ අවසානයක් නොමැති පඩි නැගීමෙන් ඇතිවන පාද රිදීම්ද සහ අලුතෙන් හුස්ම ගැනීම සඳහාද නැවතී සිටියෙමු. අප මුදුනට ළංවූ විට අපට කලින් ගොස් ආපසු පැමිණෙන කඳු නගින්නෙක් පැවසුවේ…

ජේසුස් වහන්සේගෙන් ඔබ අසන්නේ කුමක්ද?

මේ උදෑසන ජේසුස් වහන්සේ ශාරීරිකව අප සමඟ මේසයට වාඩිවී සිටින්නේ නම් ඔබට උන්වහන්සේගෙන් අසන්නට ඕනෑවෙනු ඇත්තේ කුමක්ද? කියා උදේ ආහාරය ගනිමින් සිටිද්දී ජෝ ඔහුගේ දරුවන්ගෙන් ඇසුවේය. පිරිමි දරුවන් අමාරුම ප්‍රශ්නය ගැන කල්පනා කළහ. ඉතාමත්ම අමාරු ගණිත ගැටලු සහ විශ්වය කොපමණ විශාලද කියා ඔවුන්ට කියන්නැයි, ජේසුස් වහන්සේගෙන් ඇසීමට අවශ්‍ය බව ඔව්හු තීරණය කළහ. ඉන්පසුව ඔහුගේ දියණිය පිළිතුරු දෙමින් “මාව වැළඳගන්නට කියා…

යහපත පිණිස දෙවියන්වහන්සේට සේවය කිරීම

බ්‍රැඩ් අලුත් නගරයකට සංක්‍රමණය වූ අතර ඉක්මණින්ම නමස්කාරය සඳහා සභාවක් සොයා ගත්තේය. සති කිහිපයක් සභාවට ගිය පසු එක් ඉරු දිනක මෙහෙයෙන් පසුව ඔහු සභාපාලක හා කථා කර අවශ්‍ය ඕනෑම ආකාරයකින් සේවය කිරීමට ඔහුට ඇති ආශාව කියා සිටියේය. “මට අවශ්‍ය කොස්ස අතට ගන්න” ඔහු කීවේය. රැස්වීම සඳහා පුටු සකස් කිරීමට උපකාර කරමින්ද විවේකාගාරය පිරිසිදු කරමින්ද ඔහු ආරම්භ කළේය. බ්‍රැඩ්ට ඉගැන්වීමේ දීමනාව…